........පිහිටීම........

භූමියයේ පිහි‍ටීම

මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිරගම් දහයේ බටහිරකෝරළේකුරුණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.

ප්‍රවේශ මාර්ගය

කුරුණෑගල නගරයේ සිට මීගමු පාරේ පැමිණ පුවක්ගස් හංදිය වටරවුමෙන් ඉදිරියට (මීගමුව දෙසට) කිලෝ මීටර් 2.5ක් පමණ පැමිණි විට මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය හමුවේ.

මායිම්

  • උතුරින්:-

820 අලකොලදෙණිය හා  817 හෙරලියාවල ග්‍රාම නිලධාරී කොට්ඨාශ

  • නැගෙනහිරින්:-

816 මල්කඩුවාව හා 812 වඳුරාගල  ග්‍රාම නිලධාරී කොට්ඨාශ

  • දකුණින්:-

බෝයගනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය

  • බටහිරින්:-

814 රත්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ වීරඹුගෙදර ප්‍රා.ලේ. කොට්ඨාශය

භෞතික තත්වයන්:-

මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය භූමිය වශයෙන් විශාල ප්‍රමාණයේ වසමකි. කුඩා ගෙවතු වලින් සමන්විතය,මදක් විශාල (අක්කර 25 ට වැඩි). පොල් ඉඩම් 3ක් පමණ ද දැකිය හැක. කොට්ඨාශයේ බටහිර දිශාවේ මගුරුඔය පිහිටයි. නිරිතදිගින් රත්ගල්ල රක්ෂිතය ද , වසමේ මධ්‍යයට වන්නට මුදුන්පිට රක්ෂිතය ද, රක්ෂිත දෙකට මායිම්ව කුඹුරු යායකි. එම කුඹුරු යාය කොට්ඨාශයේ කුරුණෑගල මීගමුව මාර්ගය දක්වා පැතිර යයි. කොට්ඨාශය හරි මැදින් බටහිර හා නැගෙනහිර මායිම යා කරමින් කුරුණෑගල මීගමුව මාර්ගය දිවයයි. කොට්ඨාශයේ උතුරු මායිමට වන්නට පොල් වගාවකි. ඊසාන දිගින් බමුණාවල කන්ද පිහිටා තිබේ. 

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola